Posts

Showing posts from January, 2022

ඇයි??

Image
    ලොව ඇති සොඳුරුම හැඟුම ප්‍රේමය නම්    විරහව දුකක්  පමණක්ම නම්,    ඇයිද මෙතරම් කව් ගී     විරහවේ නාමයෙන්......

අභිනික්මන....

Image
 කණ්ඨක අසුන් සමගින් ඔබ මා හැර දමලා  සිත කොනක නොවේ අසතුට මා තුළ සිර වීලා  ලෝ සතුන් දුකින් මුදවන්නට නිවනම පතලා  මේ ලෙසින් දුකක් වින්දා අප සැම ගැන සිතලා 

A/l කාලේ..

Image
 පොත් ටික මහමෙරක් නගී ඒ මදිවට තවත් දෙති  ඔවුනට  නං කමක් නැති වෙලාව හොඳටෝම මදි......

අක්කාට...

Image
 පුංචි සන්දියේ සිට අත්වැල් පටලාන කියූ බොළඳ කතන්දර මතකයි තාම ආවොත් කුමරෙක් පතමින්ඔ නුබේ අතම  යනවද පුංචි නංගි හඬවා පතිදම් පුරන්නට 

ඇයි පියාණනි,

Image
 නොකියාම එදා  පොහොය දිනේ මව් තුරුලේ  උනුවෙලේ  හැරදමා ගියේ මා තනිකර             ඇයි පියාණනේ.... ඇසූ විට මව ගෙන්  ඔබ ගැන සැමවිට  කඳුළක් ලැබුණේ                 ඇයි පියාණනේ....  ලෝසතු මෙලොවින්   මුදවා ගන්නට  මා තනි කෙරුවේ              ඇයි පියාණනේ.....  මඟ තොටදී  ඔබ මා හමුවූ විටදී  මා දෝතට ගෙන  ආදරේ බැතියෙන්  මා අමතනවද               බුදු පියාණනේ.......  

ඇස් පිහාටුවට අවසරයි

Image
 2 කණිසම වැදෙනයාමේ විඩාබර ඇස් තවමත් පාඩමේ මුල මැද අග සොයයි,  විමසයි අපිත් නොඇසූ බොහෝ දේවල් උගන්වාඇති බවත් වැටහේ හෙට ඉඩන්වත් පටන්ගන්නට අදට විතරක් ඇස් පියන්නට ඇස් පිහාටු අවසර පතයි 

ගෙදර ඉන්න🥀

Image
 උදේ 6:00 ට වෑන් එකට අම්මා දුවනවා හනිකට  තාත්තා නැති අපේ පවුලේ රැකවරණය අයියා විය  වෙනදා වගේ නෙමෙයි අම්මේ අයියගෙ පාට        වෙනස්  උඩ කාමරේට එක්ක ගිහින් මොන මොනවාදෝ කරනවා  මල් තලන්න හොඳ නැහැල්ලූ පොඩි සාදුත්ය කියලා දුන්නා  අනේ අම්මේ මම තාමත් නොපිපුණු කකුලක් නොවේද??  කිසි කෙනෙකුට නොකියන්නට පොරොන්දු කරගත්ත මාව අනේ අම්මේ හෙට උදේට වැඩට නොයා ගෙදර ඉන්න.........

කළු දිවියාගෙන් අපට..

Image
බඩගිනි නිසයි ආවේ මම ගම මැදට  මද්දක් දැම්මෙ ඇයි මාමේ එය ලෙසට  වටිනාකම කියන්න බෑ නේද මට  බඩගින්නෙම නිදි යන්නයි තිබුණේ එදා මට 

පිළිතුරුක්‌ ඔබ‍ට....

Image
 කමෙන්ටුව දෙස ආයෙ ආයෙත් බැලුවෙමි  ලස්සන වචන අතර ආදර බර හිත දැක්කෙමි  මා ලියූ කවි වල හොඳම කමෙන්ටුව මෙය යැයි සිතමි  සැබවින්ම ඒ හිතේ ලස්සනට මේ කවිය ලිව්වෙමි

හත් දවස අද

Image
 හත් දවසේ දානය අද නිසා මගේ  ආවා ගෙදර ඈයෝ ටික බලන්නට  යාලුවෝ හත් අට දෙනෙක් සමගින්ම  ගෙදර උන්ද බොනවා පිළිකන්නේ සිට  යන්න එපා කියා හැඬූ ලොකු එකී අද මැරිල ගත වුණේ දවස් හතයි තාම   සැන් පවුඩර් ගායි උලයි එක්ක පොරටම  ඈතින් ඇහුනා ඉකියක් මගේ කනට  ඇස් පේන්නැති කණ උන්දෑ අඬනවා කොනක   තාත්තට තාමත් මම පොඩි දුව ය

මතකයි අමතකයි මටම

Image
ඉර පායා ආවත් සුපුරුදු                       විලාසෙට  කිරි තේ එක තිබුනත් පෙර පුරුදු ම      ලෙසට  පිරුණත් හැමදාම සාලෙ                  හිනහව ට  අඩුවක් තියේ තාමත් ඒ                        දිහාවට  හිනා උනත් බිත්තියේ සිට                 අප දෙසට  කතාවක් නැතුව හිටියත් ඒ                    ලෙසට  තාමත් මතකයි ඒ උණුහුම                    හොඳට  මතකයි අමතකයි දැන් ඒ කටහඬ          මටම 

අනේ මන්ද....

Image
අපේ ආදරේ නිම වෙලා ගෙවනු අවුරුදු දෙකට දැක්කා ඔය ඇස් ඊයෙ වෙල ගාව මං ආදරෙන් දුන් ලේන්සුව තියෙනවා, තවමත් අතේ ගුලි කරගෙන ම මොකක්දෝ හේතුවකට නැවතුනත් අපි මෙතන,  මට හිතෙන්නෙ ආදරේ මන් තවත් ඔය හිතට