ඇයි පියාණනි,

 නොකියාම එදා

 පොහොය දිනේ

මව් තුරුලේ

 උනුවෙලේ

 හැරදමා ගියේ

මා තනිකර

            ඇයි පියාණනේ....

ඇසූ විට මව ගෙන්

 ඔබ ගැන

සැමවිට

 කඳුළක් ලැබුණේ

                ඇයි පියාණනේ....

 ලෝසතු මෙලොවින් 

 මුදවා ගන්නට

 මා තනි කෙරුවේ

             ඇයි පියාණනේ.....

 මඟ තොටදී

 ඔබ මා හමුවූ විටදී

 මා දෝතට ගෙන

 ආදරේ බැතියෙන්

 මා අමතනවද

              බුදු පියාණනේ.......


 


Comments

Post a Comment

Popular posts from this blog

යමුද අපි පැනලා

අක්කාට...

ඇයි??