හත් දවස අද

 හත් දවසේ දානය අද නිසා මගේ

 ආවා ගෙදර ඈයෝ ටික බලන්නට

 යාලුවෝ හත් අට දෙනෙක් සමගින්ම

 ගෙදර උන්ද බොනවා පිළිකන්නේ සිට

 යන්න එපා කියා හැඬූ ලොකු එකී අද

මැරිල ගත වුණේ දවස් හතයි තාම 

 සැන් පවුඩර් ගායි උලයි එක්ක පොරටම

 ඈතින් ඇහුනා ඉකියක් මගේ කනට

 ඇස් පේන්නැති කණ උන්දෑ අඬනවා කොනක 

 තාත්තට තාමත් මම පොඩි දුව ය


Comments

Post a Comment

Popular posts from this blog

යමුද අපි පැනලා

අක්කාට...

ඇස් පිහාටුවට අවසරයි