Posts

Dr crush, 🌹

Image
 මැට්ට ලඟ, ඔඩියෙ ලඟ, අපි අපිව දකිනවා  පනාව තහනම් නිසා බිම බලා ගන්නවා  දකින තුරු ඒ ඇස් දවස් ඔහේ ගෙවෙනවා  සබරේ නුඹට  දුක නැද්ද???  හිත් ඇතුලේ ආදරේ දුක් විඳිනවා 

ඇයි??

Image
    ලොව ඇති සොඳුරුම හැඟුම ප්‍රේමය නම්    විරහව දුකක්  පමණක්ම නම්,    ඇයිද මෙතරම් කව් ගී     විරහවේ නාමයෙන්......

අභිනික්මන....

Image
 කණ්ඨක අසුන් සමගින් ඔබ මා හැර දමලා  සිත කොනක නොවේ අසතුට මා තුළ සිර වීලා  ලෝ සතුන් දුකින් මුදවන්නට නිවනම පතලා  මේ ලෙසින් දුකක් වින්දා අප සැම ගැන සිතලා 

A/l කාලේ..

Image
 පොත් ටික මහමෙරක් නගී ඒ මදිවට තවත් දෙති  ඔවුනට  නං කමක් නැති වෙලාව හොඳටෝම මදි......

අක්කාට...

Image
 පුංචි සන්දියේ සිට අත්වැල් පටලාන කියූ බොළඳ කතන්දර මතකයි තාම ආවොත් කුමරෙක් පතමින්ඔ නුබේ අතම  යනවද පුංචි නංගි හඬවා පතිදම් පුරන්නට 

ඇයි පියාණනි,

Image
 නොකියාම එදා  පොහොය දිනේ මව් තුරුලේ  උනුවෙලේ  හැරදමා ගියේ මා තනිකර             ඇයි පියාණනේ.... ඇසූ විට මව ගෙන්  ඔබ ගැන සැමවිට  කඳුළක් ලැබුණේ                 ඇයි පියාණනේ....  ලෝසතු මෙලොවින්   මුදවා ගන්නට  මා තනි කෙරුවේ              ඇයි පියාණනේ.....  මඟ තොටදී  ඔබ මා හමුවූ විටදී  මා දෝතට ගෙන  ආදරේ බැතියෙන්  මා අමතනවද               බුදු පියාණනේ.......  

ඇස් පිහාටුවට අවසරයි

Image
 2 කණිසම වැදෙනයාමේ විඩාබර ඇස් තවමත් පාඩමේ මුල මැද අග සොයයි,  විමසයි අපිත් නොඇසූ බොහෝ දේවල් උගන්වාඇති බවත් වැටහේ හෙට ඉඩන්වත් පටන්ගන්නට අදට විතරක් ඇස් පියන්නට ඇස් පිහාටු අවසර පතයි